උපාධිධාරීන් 53,000 ක් ස්ථීර කෙරේ !!!

#sinhala news in sri lanka#today hot news#sri lankan news#Good news###
By krishani Jan 06, 2022 02:13 AM GMT
krishani

krishani

Report

ජනවාරි 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවය සඳහා බඳවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ සේවය ස්ථිර කිරීමට පියවර ගත් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ, 50,000 ඉක්ම වූ සංඛ්‍යාවකට රාජ්‍ය සේවය තුළ ස්ථීර පත්වීම් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි.

මෙම ස්ථිර කිරීමත් සමග ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 31,490ක් දක්වා ඉහළ යන අතර වෙනත් දීමනා සමග රුපියල් 41,490ක වැටුපක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙම උපාධිධාරීන් මෙතෙක් පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල සංවර්ධන නිළධාරීන් ලෙස පුහුණුවේ නිරත වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now