හදිසියේම නගර තුනක් වසා දමයි
කොවිඩ් අවදානම් තත්ත්වයන් මතුවීම හේතුවෙන් මාතලේ , කන්තලේ සේරුනුවර සහ ඌව පරණගම ලූනුවත්ත යන නගරවල සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.
මාතලේ නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබුණා. අනතුරුව එම නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම කන්තලේ සේරුනුවර නගරයේ අවමංගල්‍ය උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් හේතුවෙන් දින 14 ක් සඳහා සේරුනුවර නගරයේ වෙළෙඳසැල් ද වසාදැමීමට එම වෙළෙඳ සංගමය පියවර ගෙන තිබෙනවා.
තවද ඌව පරණගම ලූනුවත්ත නගරයේ වෙළෙඳසැල් ද අද (13) සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමටද පියවර ගෙනගත් බව සඳහන්. කැකිරාව නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන ,හෝටල් , රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයතන සියල්ල අද (13)සහ හෙට (14) වසා තැබීමට පියවර ගෙන තිබෙනවා..
කැකිරාව ප්‍රදේශයෙන් වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම නිසා , උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රැස්වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන කමිටුව,ඒ ගැන අවධානය යොමුකර එම තත්ත්වය පාලනය කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.