ඉරානයේ තවත් දරුණු ඛේදවාචකයක් - මිනිස්සුන්ට මෙච්චර දෙයක් වෙනකන් මොකද්ද කරේ
පෙබරවාරි 28 වන දින, ඊශ්‍රායල සහ ඇමරිකා එක්ව ආරම්භ කළ යුද ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ මිලියන 3.2 ක් පමණ ජනතාව අවතැන් වී ඇති බව එක්සත් ජාතීන් ප්‍රකාශ කරයි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පැවසුවේ මෙම ඇස්තමේන්තුව රට පුරා අවතැන් වූ නිවාස පිළිබඳ මුල්තක්සේරු කිරීම් මත පදනම් වූ බවයි.
“යුදමය තත්ත්ව දිගටම පවතින බැවින් මෙම අගය අඛණ්ඩව ඉහළ යාමට ඉඩ ඇති අතර එය මානුෂීය අවශ්‍යතාවල කනස්සල්ලට කරුණක්” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.