දේවස්ථානයකදී අගමැතිවරයෙක්ට වෙඩි ප්‍රහාරයක්.. 99න් දිවි ගලවා ගනී..

Hity Erial hendri
By Aruna Jan 04, 2022 05:29 AM GMT
Aruna

Aruna

Report

හයිටි ජනාධිපති ඒරියල් හෙන්රි ඝාතන කුමන්ත්‍රණයකින් දිවි ගලවාගෙන ඇති බව එරට රජය නිවේදනය කළා.

හයිටි රාජ්‍යයේ 218 වන නිදහස් දිනය පසුගිය සෙනසුරාදාට යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් උතුරුදිග හයිටියේ ගොනයීව්ස් නුවර දේවස්ථානයක පැවති උත්සවයකට අග්‍රාමාත්‍යවරයා සහභාගිවෙමින් සිටිය දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේ නමුත් වෙඩි ප්‍රහාරය මධ්‍යයේ ආරක්ෂිතව පළා යාමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සමත් වූ බව සඳහන්.

එහි දී එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බව එරට පොලීසිය ප්‍රකාශ කළා.

හයිටි ජනාධිපති ජොවිනල් මුවීස් පසුගිය ජුලි මාසයේ ඝාතනයට ලක්වීමෙන් පසු හයිටියේ ආරක්ෂක තත්ත්වය බෙහෙවින් පිරිහීමට ලක්වුණා.

ඝාතන කුමන්ත්‍රණයෙන් දිවි ගලවා ගත් හයිටි අග්‍රාමාත්‍යවරයා එරට ක්‍රියාත්මක බලගතු පාතාල කල්ලි සහ ත්‍රස්ත කණ්ඩායම් මර්දනය කිරීමට ප්‍රතිඥා ලබාදී සිටි අයෙක්.

මෙම කල්ලි විසින් හයිටි දේශයේ ගෑස් බෙදා හැරීම ඔවුන් සතු කර ගැනීම නිසා එරට ඉන්ධන හිඟයක් ද ඇති වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now