මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්.
මීටියාගොඩ - මහවත්ත ප්‍රදේශයේ වෙඩි වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
වයස අවුරුදු 42ක පමණ පුද්ලයෙක් එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පාතාල සාමාජිකයෙක් බවට සැක පුද්ගලයෙක් එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ.
එම අවස්ථාවේ දී නිවසේ සැඟව සිටි සැකකරු විශේෂ කාර්ය බළකායට පිස්තෝලයකින් වෙඩිතබා ඇති බවයි පැවසෙන්නේ.
එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරුට වෙඩිවැදී ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ, මියගිය පුද්ගලයා, පසුගිය දා ගාල්ල, කරාගොඩ ප්‍රදේශයේ දී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කළ හිටපු පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාගේ ඝාතනයේ ද සැකකරුවෙක් බවයි.
