සජබ අපේක්ෂයෙකුට වෙඩි ප්‍රහාරයක් - වැරදුණු කුරුමානම මෙන්න
ඊයේ (07) රාත්‍රීයේ කළුතර මහ නගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු කර ඇත.
නමුත් මෙම වෙඩිතැබීමක් අසාර්ථක වී ඇති බවත් මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ බන්දුල ප්‍රසන්න මහතා බවත් වාර්තා වේ.
මොහු ඉලක්ක කරගනිමින් මීට මාස 9කට පෙර ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය ද ව්‍යර්ථ වී ඇති බවත් වර්තා වේ. පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිදු කළ පරීක්ෂා කිරීම්වලදී පිස්තෝලවලට යොදන ජීව උණ්ඩයක් සහ ජංගම දුරකථනයක් බිම වැටී තිබී හමුව ඇති බවය.