හම්බෙගමුවේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලායයි..

Police spokesman Sri Lanka Police Shooting Gun Shooting
By Aruna Apr 13, 2024 04:31 AM GMT
Aruna

Aruna

Report

හම්බේගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ (12) රාත්‍රී හම්බේගමුව සීනුග්ගල ප්‍රදේශයේ නිවසක සිටි දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

එම නිවසේ හිමිකරු සහ ඔහුගේ ඥාතී සොහොයුරන් ඇතුළු පිරිසක් සාදයක් පවත්මින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ.

මේ වන විට තුවාලකරුවන් හම්බේගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

ReeCha