අද උදෑසන බිහිසුණු වෙඩි තැබීමක්..තරුණයෙක් මිය යයි..
ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී අද (16) අළුයම පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා.
ශ්‍රී පුර පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඔහු වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වන කාවන්තිස්සපුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මෙම වෙඩි තැබීම ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී පුර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.