වැටුප් සම්බන්ධයෙන් සිදු වූ දේ..ආරංචිය සුබ නෑ.

Report

ජනාධිපති කාර්යාලය ඉල්ලූ ගුරු හා විදුහල්පතිවරුන්ගේ හිඟ වැටුප් සම්බන්ධ වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් යවා නොමැති බව වාර්තා වනවා.

එම වාර්තාව සකස් කිරීමට අදාළව අමාත්‍යාංශය වෘත්තීය සමිති කැඳවා පසුගිය 31 වැනිදා සාකච්ඡාවක් ද පවත්වා තිබූ බවයි පැවසෙන්නේ.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන දෙන ඉතාමත් යහපත් දිනයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන දෙන ඉතාමත් යහපත් දිනයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..


ජනාධිපති කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එම වාර්තාව ඉල්ලා සිටියේ පසුගිය මාසයේ 19 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි.

හිඟ වැටුප් ඉල්ලා ගුරු හා විදුහල්පතිවරුන් පැවැත්වූ වර්ජනයෙන් පසුව පැවැති මෙම සාකච්ඡාවට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර සහ වෘත්තීය සමිති නියෝජිතයෝ සහභාගී වී සිටියහ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ, වෘත්තීය සමිති සමග සාකච්ඡා කර හිඟ වැටුප් වාර්තාව එවන ලෙස එම සාකච්ඡාවේදී ජනාධිපති ලේකම්වරයා දැනුම් දුන් නමුත් මේ දක්වා එම වාර්තාව යැවීමට අමාත්‍යංශය පියවර ගෙන නොමැති බවයි.