අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන දෙන ඉතාමත් යහපත් දිනයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..
? මේෂ ලග්නය
ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි. ක්‍රියාකාරකම් බහුල වෙයි. ආගමික වතාවත් උත්සව වැනි දේ සංවිධානයට හේතුයි. ප්‍රීති උත්සව ද යෙදෙන අතර තරමක් වැයපස ද ඉහළ යයි. හද[සි ලාබ ද දෙයි. සිරසගත රෝග පාද ආබාධ මතු වේ.
? වෘෂභ ලග්නය
ක්‍රියාකාරකම් බහුල දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු කරයි. දුර ගමන් වන්දනා ගමන් වැනි දේට හේතුයි. පොදු උත්සව සමිති සමාගම්වලට සහභාගි වීමට ද සිදු වේ. අමතර ලාබ ලබන දිනකි. ස්නායු ආබාධ වාත අමාරු මතු වේ.
? මිථුන ලග්නය
දුර ගමන් යෙදෙන ආගමික වතාවත් සැලසුම් කරන දිනකි. මහජන සබඳතා උත්සව වැනි දේවල් වලට සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර තරමක් වැයපස ද ඉහළ යයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. මුත්‍රා ආසාදන, මේහ රෝග මතු කරයි.
? කටක ලග්නය
අවිවේකී බවක් ගෙන දෙයි. ප්‍රීති උත්සව සාද යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා ද දියත් කරයි. මහජන සබඳතා සාකච්ඡා ඇති වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ද ක්‍රියා කිරීමට සිදු වේ. සෙම් කෝප රෝග කාස ස්වාස මතු වේ.
? සිංහ ලග්නය
ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. අවිවේකියි. සුළු ගමන් බිමන් යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. දන්ත රෝග, මුඛ රෝග මතු වෙයි.
? කන්‍යා ලග්නය
ශුභා ශුභ මිශ්‍ර ඵල උදා කරයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. වෙළහෙළඳාම් වල යෙදෙන්නන්ට ශුභ ඵල දෙයි. ස්නායු සම්බන්ධ රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ.
? තුලා ලග්නය
ශුභා ශුභ ඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ද ඉහළ යයි. මූල රෝග බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි.
? වෘශ්චික ලග්නය
ශුභවාදී ඵල දෙයි. කෙටි ගමන් යෙදේ. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. අවිවේකී දිනකි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ප්‍රීති යෙදේ.
? ධනු ලග්නය
ශුභ ඵල ගෙන දෙයි. ප්‍රබෝධමත්ව කියාවල යෙදේ. සුහද හමුවීම්වලට හේතුයි. ආදායම් මාර්ග සරු වෙයි. වැයපස ද ඉහළ යයි. දහමට අවතීර්ණ ක්‍රියාවන්හි යෙදේ. ඇසුරු කරන්නෝද දහමට යොමු කරවන ක්‍රියාවන් දියත් කරයි.
? මකර ලග්නය
ශුභා ශුභ මිශ්‍ර ඵල උදා කරයි. තරමක් ආත්මාර්ථකාමී ගති ඉස්මතු වෙයි. තනි තීරණ මත ක්‍රියා කරයි. අවාසි සිදු වෙයි. හවුල් කටයුතු තරමක් අවුල් වෙයි. වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේට හේතුයි. තරමක් ලාබ ලැබීම් මතු කරයි. සෙම් ආසාදන රෝග සාදයි.
? කුම්භ ලග්නය
ශුභවාදී ඵල මතු කරන දිනකි. ගමන් බිමන් බහුල වන අතර විනෝදජනක කටයුතුවල යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. තම ඇසුරින් දුරස්ථ වූ ඥාතීන් සමීප වෙයි. කෘෂි කාර්මික කටයුතුවල ජය ලබයි. කලක් වදදුන් රෝගවල සමන බවක් දැනේ.
? මීන ලග්නය
ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි. රැකියා ස්ථානවල මතවාද මතු කරයි. ඇසුරු කරන්නන් නිසා සිත් චංචල කරවයි. ගේදොර සම්බන්ධ කටයුතු වැඩි දියුණු කර ගැනීමට ඉඩ ලැබේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. හදිසි ධන ලාබ මතු කරයි. ආමාශ ගත රෝග මතු කරයි.
