ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩිකරු අත්අඩංගුවට
කෑගල්ලේ රංවල ප්‍රදේශයේදී සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩිකරු ලෙස සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය පවසයි.
නීති විරෝධී දුම්වැටි 12,400ක්, ගජමුතු 5ක් සහ මත්කුඩු සමඟ රංවල ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිමි දෙදෙනෙකු සහ කාන්තාවක එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
අදාළ සැකකරුවන් දෙදෙනෙකු කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 55 සහ 39 අතර වේ. ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එක් අයෙකු යුද්ධ හමුදාවේ සේවය කර නීතිමය ලෙස ඉවත් නොවූ පුද්ගලයෙකු වන අතර, ඔහු ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩිකරු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු හඳුනාගෙන තිබේ. එසේම, මහබාගේ පොලිස් වසමේ 2024 මාර්තු 28 වැනිදා ගිණි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස ද ඔහු සැක සහිතයි.