ලංකාවේ අය රාජ්‍ය සේවය ගැන තෘප්තිමත් නැහැ ඒ නිසා තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරනවා - ජනපති
ඩිජිටල්කරණය ඔස්සේ නටබුන් වී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය බව ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ,
"අද අපේ රටේ පුරවැසියන් අපේ රාජ්‍ය සේවය පිළිබඳ තෘප්තිමත් නැහැ. ඒක අපි පිළිගත යුතුයි. ඒ නිසා තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබා දෙන්න නම්, නව පද්ධතීන් නිර්මාණය කොට මෙහි කාර්යක්ෂමතාවය සහ ප්‍රතිඵලය ජනතාවට ලබා දිය යුතුයි." යනුවෙන්.
ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025 - 2029) හඳුන්වාදීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.
එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ ගැඹුරුතම අර්බුදයක් බවට පත් වී තිබෙන විනිවිදභාවය සම්බන්ධ ගැටලුව විසඳීම වෙනුවෙන් ද ඩිජිටල්කරණය විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවටද ජනාධිපතිවරයා මෙහිදී බලාපොරොත්තු පළ කර සිටියා.