විශේෂ නිවේදනයක්, අදයි හෙටයි මේ ප්‍රදේශවලට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම්
By Kaushi
පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ජාතික සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ 1 මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ ප්‍රදේශ වශයෙන් කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නාය යෑම් අනතුරු ඇඟවීම නිකුත්කර ඇත.
එමෙන්ම අදාළ නිවේදනය අද (19) දින උදෑසන 10 සිට හෙට (20) දින උදෑසන 10 දක්වා වලංගු වන බව සඳහන්.
ඒ අනුව,
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය: -
සීතාවක
කළුතර දිස්ත්‍රික්කය: -
ඉංගිරිය
හොරණ
කෑගල්ල දිස්ත්‍රික්කය: -
දෙහිඹ්විට
නුවර එළිය දිස්ත්‍රික්කය: -
කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය: -
රත්නපුර