මාරක අනතුරු - ජීවිත 6ක් අහිමි වේ
ඊයේ දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක අනතුරුවලින් ජීවිත 6ක් අහිමි වී තිබුණි.
හෝමාගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ, කැන්දලන්ද ප්‍රදේශයේ සිදුවු අනතුරකින් අවුරුදු 48ක හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළීගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
තවද, වංකාල පොලිස් වසමේ මන්නාරම වංකාල මාර්ගයේ එන්.එස්.බී හංදිය අසලදී මන්නාරම දෙස සිට වංකාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ පාපැදියක ගැටී සිදුවු අනතුරකින් යතුරුපැදියේ පැදිකරු, පසුපැදිකරු හා පාපැදිකරු තුවාල ලබා තිබූ අතර, රෝහල් ගත කිරීමේ දී 70 හැවිරිදි වංකාල ප්‍රදේශයේ පදිංචි පාපැදිකරු මියගොස් ඇත.
මේ අතර, කොස්ගොඩ පොලිස් වසමේ යාල්ගම කායිකාවල මාර්ගයේ ගෝනගපල හන්දියේදී තවත් අනතුරක් සිදුව ඇති අතර,යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී එම දිසාවටම ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා බම්බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවුරුදු 66ක ගල්තුඩුව ප්‍රදේශයේ පදිංචි පසුපැදිකාරිය මියගොස් ඇත.
මේ අතර, අනන්‍යතාව තහවුරු කරගත නොහැකි රිය අනතුරක් ඊයේ රාත්‍රී කාලයේ සිදුව තිබූ අතර, අනුරාධපුර ප්‍රධාන වීදියේ නව බස් නැවතුම්පොළ අසලදී දහයියාගම හන්දිය දෙස සිට ඩී.එස් වටරවුම දෙසට ධාවනය වූ කාර් රථයක් දකුණු පසට හැරවීමට යාමේදී මාර්ගයේ සිටි පදිකයෙකුගේ ගැටී අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබූ පදිකයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අක්මීමණ පොලිස් වසමේ පින්නදූව දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති අතර, එහිදී 69 හැවිරිදි යක්ගහ, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි එක් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණි. මේ අතර, 26 හැවිරිදි තරුණයෙකු කිලිනොච්චිය, උරුත්තිපුරම් මාර්ගයේ සිදුවු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බස් රථයකින් ඇද වැටී අනතුර සිදුව තිබූ අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණි.