අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්
බලපත්රයකින් තොරව අලියෙකු සන්තකයේ තබාගැනීමේ චෝදනා දෙකකට වරදකරු වූ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් නියම කිරීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
ඒ හැරුණු කොට, විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක් ද නියම වුණා.
එසේම, අදාළ අලියා රාජසන්තක කිරීමටත් විනිසුරු මඩුල්ල නියෝග කළා.
දීර්ඝ නඩු විභාගයකින් පසුව, මංජුල තිලකරත්න, ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා.
මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටත් විනිසුරු මඩුල්ල නියම කළා.