ඒගොල්ලො හිතාගෙන හිටියේ මේ දේශපාලනය කරන්නේ හිඟන්නෝ කියලද දන්නෑ මනුවර්ණට මරුවා ආවේස වෙයි
වර්තමානයේ දැඩි කතාබහට ලක්ව ඇති දේශපාලකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අද විවිධ දේශපාලකයන් විසින් අදහස් දක්වා තිබුණා.
ඒ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ද මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කර ඇත.

මගේ වත්කම් වටිනාකම දෙගුණයක් වෙන්නත් පුළුවන්, මේවා මේ කට්ටිය මැජික් කරගත්තාට අපිට මැජික් නෙවේ - වසන්ත
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සඳහන් කර සිටියේ මෙවැනි අදහසක්.
"ඒගොල්ලො හිතාගෙන හිටියේ මේ දේශපාලනය කරන්නේ හිඟන්නෝ කියලද දන්නෑ. ඔය ප්‍රශ්නෙ අගමුල ගළපන්න හදන්නේ මෙහෙමනේ. පක්ෂයේ ඉන්න සහෝදරවරු යැපෙන්නේ ජනතාවගේ මුදල් වලින් කියලා කතාවක් තියෙනවානේ. ඔව් මාත් එහෙම තමයි. මම මැතිවරණ කළෙත් පක්ෂයෙන් වියදම් කරපු මුදල්වලින්. මගේ ගමන් වියදම් යන එන වියදම් සියල්ල බලන්නේ පක්ෂයෙන් තමා. එහෙම නැත්නම් අපට ආධාර කරන මිනිස්සු. ඒක එහෙම තමයි මගේ ළඟ බිලියන් ගාණක් තිබුණත් මිලියන් ගාණක් තිබුණත් මම මගේ අතේ මුදල් දේශපාලන වැඩවලට වියදම් කරන්නේ නැත. දේශපාලනයට පෞද්ගලික ධනය වියදම් කරලා එනවා කියලා කියන්නෙම මොකටද එන්නේ හම්බ කරන්න එන්න"