මගේ වත්කම් වටිනාකම දෙගුණයක් වෙන්නත් පුළුවන්, මේවා මේ කට්ටිය මැජික් කරගත්තාට අපිට මැජික් නෙවේ - වසන්ත

Report

ආන්දෝලනයට තුඩු දී ඇති වෙළෙඳ, වාණජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ මහතා නැවතත් අදහස් දක්වා ඇති බව වාර්තා වේ. 

ඒ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින්.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තඹුත්තේගම පිහිටි තමා ව්‍යාපාරික ගොඩනැගිල්ලේ වටිනාකම වත්කම් බැරකම් ප්‍රකාශයේ ඇති වටිනාකම මෙන් දෙගුණයක් පමණ විය හැකි බවයි.

වසන්ත තමයි කැම්පස් එකේදි යාළුවන්ට කන්න අඳින්න දුන්නේ..මාසෙට මිලියන ගණන් හෙව්වේ - සුනිල්

වසන්ත තමයි කැම්පස් එකේදි යාළුවන්ට කන්න අඳින්න දුන්නේ..මාසෙට මිලියන ගණන් හෙව්වේ - සුනිල්

තම ගොඩනැගිල්ලට එහා ගොඩනැගිල්ල ඉතා ඉහළ මිලකට අලෙවි කිරීමට නියමිත බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස තම ගොඩනැගිල්ලද වැඩි වටිනාකමක් දරනු ඇති බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

එසේම නැවතත් තඹුත්තේගම අය තම පවුලේ වත්කම් සම්බන්ධයෙන් දන්නා බවද ඔහු විසින් පැවසූ බව සඳහන්. ඒ අනුව ඔහු වැඩිදුරටත් එහිදී අදහස් දක්වමින් පවසා සිටියේ,

‘‘කැම්පස් යන්න කලිනුත් මම ටියුෂන් කරමින් හිටියා. ඒකට අදාළ අපේ පවුලේ ඉඩමක් තිබෙනවා. ඒ ඉඩමේ වටිනාකමක් තිබෙනවා. මේ තියෙන්නේ අපි දීපු වත්කම් බැරකම් ප්‍රකාශ. දැන් මේවා මැජික් වෙලා තියෙන්නේ හංඟාගෙන හිටපු අයටයි. අපි ආණ්ඩුවක් ලෙස බලයට පත්වුණාට පස්සේ ඇමැතිවරයෙක් ලෙස වැඩ භාරගන්න කලින් වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නා විතරක් නොවෙයි. ඡන්දයට ඉල්ලන්න කලින් 2024ත් මේක දීලා තියෙනවා. 2020ත් දීලා තියෙනවා. 2015ත් දීලා තියෙනවා. 2010ත් දීලා තියෙනවා. මේවා මැජික් කරගත්තාට ඒ ගොල්ලො අපිට මැජික් නොවෙයි. මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ ඒ අය කරපු වැඩ අපිත් කරා කියලා පෙන්වන්න උත්සාහ දැරීමයි. තඹුත්තේගම නගරයේ ව්‍යාපාර කරමින් හිටපු පවුලක් අපේ පවුල. අපිට තියෙන දේවල් ගැන අපි කියලා තියෙනවා.’’ යනුවෙන්.

අපි බය නෑ අපේ මන්ත්‍රීලා වැඩි දෙනෙක්ගේ වත්කම් ප්‍රකාශනවල..මං කිවුවා ඉරි ගහන්න කියලා - සුනිල් වටගල

අපි බය නෑ අපේ මන්ත්‍රීලා වැඩි දෙනෙක්ගේ වත්කම් ප්‍රකාශනවල..මං කිවුවා ඉරි ගහන්න කියලා - සුනිල් වටගල

මුලින් වත්කම් චුට්ටයි තිබ්බේ පස්සේ එකපාරම මගේ වත්කම් ටික ඉහළ ගියා - ලාල්ගේ වත්කම් ගැන ලාල්ම කියයි

මුලින් වත්කම් චුට්ටයි තිබ්බේ පස්සේ එකපාරම මගේ වත්කම් ටික ඉහළ ගියා - ලාල්ගේ වත්කම් ගැන ලාල්ම කියයි