කැස්ස පැණියක් විෂවී ළමුන් 18ක් මරුට.. මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.

India
By Aruna Dec 29, 2022 11:35 PM GMT
Aruna

Aruna

Report

ඉන්දිය ඖෂධ සමාගමක් විසින් නිශ්පාදිත කැස්ස පැණිය පානය කිරීමෙන් උස්බෙකිස්ථානයේ ළමුන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ, අදාළ පැණියේ එතලින් නම් විෂ සහිත ද්‍රව්‍යයක් අඩංගු වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

මෙරියන් බයෝටෙච් නමැති සමාගම විසින් එම ළමා කැස්ස පැණිය නිශ්පාදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේ වෙතත් නියමිත මාත්‍රාව ඉක්මවා වෛද්‍ය නිර්දේශද නොතකමින් අදාළ පැණිය දෙමාපියන් විසින් එම දරුවන්ට ලබා දී ඇති බවටයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

එම සිද්ධියෙන් අනතුරුව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිඩා හි පිහිටි අදාළ ඖෂධ නිෂ්පාදන සමාගම ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් විසින් පරීක්ෂා කර තිබෙනවා.

ඉන්දියාවේ නිශ්පාදිත ඖෂධ වර්ග 4ක් පානය කිරීමෙන් අප්‍රිකානු රාජ්‍යයක් වන ගැම්බියාවේද දරුවන් 69 දෙනෙකු මීට පෙර ජීවිතක්ෂයට පත්වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now

ReeCha