උණුසුම මැද අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් රැගෙන යයි
අල්ලස් කොමිසම මඟින් අද (07) දින පෙවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අද දින ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇගේ නිවසට ගොස් තිබුණ අතර එහිදී උදෑසන 8 සිට අදාළ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කිරුළපනේ පිහිටි නිවසේ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටි බව වාර්තා විය.
අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.