මඟතොටේ වැටී තිබුණු ATM කාඩ්පතක් හමු වුණොත් ඔබ කළ යුත්තේ කුමක්ද? නීතියෙන් බේරී කටයුතු කරන්න මෙන්න උපදෙස්

Report

දිනපතා බැංකු සේවා ලබාගැනීමට හෝ ATM යන්ත්‍ර භාවිත කිරීමට යන අවස්ථාවලදී, වෙනත් පුද්ගලයෙකුගේ අතින් වැටී ගිය ATM කාඩ්පතක් ඔබට හමුවිය හැකිය. එවැනි අවස්ථාවක නීතියට ගරු කරන වගකීම්සහගත පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම වැදගත්ය.

කාඩ්පත බැංකු ශාඛාවක් අසල හමුවුවහොත්, එය වහාම එම බැංකු ශාඛාවේ කළමනාකාරීත්වයට හෝ ආරක්ෂක නිලධාරියා වෙත භාර දෙන්න.

එමගින් අදාළ කාඩ්පතේ හිමිකරු සම්බන්ධ කර ගැනීමට බැංකුවට පහසු වේ.

බැංකු ශාඛාව වසා ඇති අවස්ථාවකදී හෝ වෙනත් ස්ථානයකදී ATM කාඩ්පතක් හමුවුවහොත්, කාඩ්පත නිකුත් කළ බැංකුවේ පාරිභෝගික සේවා අංශය අමතා එය අහිමි වී ඇති බව දැනුම් දෙන්න. ඉන් අනතුරුව කාඩ්පත බැංකුව වෙත භාරදීමට කටයුතු කරන්න.

වෙනත් පුද්ගලයෙකුගේ ATM කාඩ්පතක් අවසරයකින් තොරව ළඟ තබා ගැනීම, එමගින් මුදල් ලබාගැනීමට උත්සාහ කිරීම හෝ අන්තර්ජාල ගනුදෙනු සිදුකිරීමට උත්සාහ කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර, ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකිය.

කාඩ්පතේ හිමිකරු සම්බන්ධ කර ගැනීමට නොහැකි අවස්ථාවකදී, එය ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන්න.

අන් අයගේ බැංකු කාඩ්පත් අවභාවිත නොකරන්න. අහිමි වූ කාඩ්පතක් හමුවූ විට එය අදාළ බැංකුවට හෝ පොලිසියට භාරදී වගකීම්සහගත පුරවැසියෙකු ලෙස කටයුතු කරන්න.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

Gallery