පොලිස් ඉහළ තනතුරු කිහිපයක වෙනස්කම්

Report

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි පොලිස් ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ පත්කිරීම් කිහිපයක් සිදුකර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා බස්නාහිර පළාත භාර තනතුරෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පරිපාලන තනතුරට මාරු කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත මහතා පුහුණු හා උසස් පුහුණු තනතුරෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් වෙයි.

‘කෙහෙල්බද්දර පද්මේ’ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට CIDයට අවසර

‘කෙහෙල්බද්දර පද්මේ’ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට CIDයට අවසර

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ හා රථවාහන දිසාව භාර තනතුරට අමතරව කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව රාජකාරි ආවරණයටද මාරු කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතා උතුරු පළාතෙන් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු වෙයි.

මහින්දගෙන් රුපියල් බිලියන 10ක් ඉල්ලා නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් එන්තරවාසියක්

මහින්දගෙන් රුපියල් බිලියන 10ක් ඉල්ලා නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් එන්තරවාසියක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්.බී. සිරිවර්ධන මහතා පොලිස් මූලස්ථානය හා උතුරු මැද පළාත ආවරණයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කෙරේ.

නියෝජ්‍ය පොලිස්පති එන්.එල්.සී. සම්පත් කුමාර මහතා විශේෂ කාර්ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් වෙයි.

මෙම වෙනස්කම් අද (15) සිට ක්‍රියාත්මක වේ.

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි හැදෑරීමට අයදුම්පත් කැඳවයි

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි හැදෑරීමට අයදුම්පත් කැඳවයි