ශ්‍රී පාද වන්දනාකරුවන්ටත් භයානක ආරංචියක් - විදුලිය නැති වීමෙන් ශ‍්‍රී පාද වන්දනාකරුවන්ට අසීරු තත්ත්වයක්

Report

මස්කෙළිය විදුලි පාරිභෝගික මධ්‍යස්ථානය යටතේ පාලනය වන නල්ලතන්නි නගරයේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වාත් මස්කෙළිය, රිකාටන් ඇතුළු වතු ගණනාවකට ඊයේ (10) දින රාත්‍රියේ සිට විදුලි බලය ඇණ හිටිම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් මෙන්ම ශ්‍රී පාද වන්දනාකරුවන්ද දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන බව වාර්තා වේ.

එබැවින් නල්ලතන්නි නගරයේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා පිවිසෙන මාර්ගයේ (10) දින රාත්‍රියේ විදුලි බලය ඇණ හිටිම මත ශ්‍රී පාදය වන්දනාකරන වන්දකරුවන් අද (11) අලුයම පහන්වන තෙක් එම මාර්ගයේම රැදි සිටි බවත් සඳහන්.

එසේම වන්දනාකරුවන් ප්‍රකාශ කර ඇත්තේ රත්නපුර පලාබද්දර මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ලබා දී ඇති විදුලි බලයෙන් ශ්‍රී පාද මළුවට පමණක් විදුලි බලය පවතින බවයි.

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් පැවැත්වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා විදුලි බිදවැටීම් යථා තත්වයට පත් නොකිරිමෙන් මස්කෙළිය සහ නල්ලතන්නි ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිට ඇත.

ඊට අමතරව විදුලි බලය නොමැති විම නිසා මස්කෙළිය ජල පාරිභෝගික මධයස්ථානයට මස්කෙළිය ඔයේ සිට ජලය පොම්ප කිරිමට නොහැකි වූ බැවින් මස්කෙළිය ප්‍රදේශයට පානීය ජලය බෙදා හැරීමද නතර කර තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින අධික වියලි කාලගුණයත් සමඟ විදුලි බලය සහ පානීය ජලය නොමැති වීමෙන් මස්කෙළිය සහ නල්ලතන්නිය ප්‍රදේශයේ විදුලි සහ ජල පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බව වැඪිදුරටත් වාර්තා වේ.

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි

බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකියි - මරාගෙන මැරෙන්න සැරසෙන ඉරානයෙන් ලෝකෙටම අනතුරු ඇඟවීමක්

බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකියි - මරාගෙන මැරෙන්න සැරසෙන ඉරානයෙන් ලෝකෙටම අනතුරු ඇඟවීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට