පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි හැදෑරීමට අයදුම්පත් කැඳවයි
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇත.
2022, 2023 සහ 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට මෙම යෝජනා ක්‍රමය යටතේ අයදුම් කිරීමට අවස්ථාව ලැබේ.
රජය පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතන 18කින් පිරිණමන උපාධි පාඨමාලා 131ක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන් බඳවා ගැනේ.
අයදුම්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් (www.mohe.gov.lk) ලබා ගත හැකි අතර, අයදුම්පත් භාරගැනීම නොවැම්බර් 30 වැනිදායින් අවසන් වේ.
මෙම යෝජනා ක්‍රමය උසස් අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගැනීමට ආර්ථික බාධක ඇති සිසුන්ට සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.