බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකියි - මරාගෙන මැරෙන්න සැරසෙන ඉරානයෙන් ලෝකෙටම අනතුරු ඇඟවීමක්
මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරාන හමුදා බලධාරීන් අනතුරු අඟවයි.
ඒ අනුව අද (11) දිනයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තවත් නෞකා තුනක් ප්‍රහාරයට ලක්වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර පෙන්ටගනය විසින් "වඩාත්ම තීව්ර අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර" වශයෙන් හඳුන්වනු ලැබූ ප්‍රහාර මාලාවකට මුහුණ දෙමින් සිටියද, තමන්ට තවදුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බව බලශක්ති සැපයුම අඩාල කළ හැකි බවත් ඉරානය ප්‍රදර්ශනය කර ඇත.
ඉතිහාසයේ වාර්තා වන විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළඳපොළට මුදා හරින්න යයි - අනාගතය ගැන ලෝකෙටම රතු එළි
එබැවින් අද (11) දිනයේදී ඉරානය විසින් ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග පුරා විහිදුණු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත් ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් (1/5) ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට අවහිර වී තිබෙන අතර, මෙය 1970 දශකයේ ඇති වූ තෙල් අර්බුදයෙන් අනතුරුව ලොව මුහුණ දෙන දරුණුතම බලශක්ති සැපයුම් බාධාව ලෙස වාර්තා වේ.
මේ අතර ඉරාන හමුදා විධානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆකාරි (Ebrahim Zolfaqari) අමෙරිකාව අමතමින්, "තෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යාමට සූදානම් වන්න. මන්ද තෙල් මිල තීරණය වන්නේ ඔබ විසින් අස්ථාවර කර ඇති කලාපීය ආරක්ෂාව මතයි," යනුවෙන් ප්‍රකාශ කළා.
ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙයි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය
එසේම ටෙහෙරාන් නුවර බැංකු කාර්යාලයකට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස අමෙරිකාව හෝ ඊශ්‍රායලය සමඟ ගණුදෙනු කරන බැංකු වෙත ඉරානය ප්‍රහාර එල්ල කරන බවට ද ඔහු අනතුරු අඟවා ඇත.
මේ නිසා මැදපෙරදිග වෙසෙන ජනතාව එවැනි බැංකු පද්ධතිවලින් අවම ලෙස මීටර් 1,000ක් දුරින් සිටිය යුතු බවට ද ඉරාන හමුදා ප්‍රකාශකයා උපදෙස් දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් පවතින උණුසුම් තත්ත්වය හමුවේ වුවද, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධය අවසන් කිරීමට කඩිනම් විසඳුමක් සොයාගනු ඇතැයි යන බලාපොරොත්තුව මත කොටස් වෙළඳපොළ යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.