මේ ලෝකෙ දික්කසාද වුණ එකම ගැහැනු කෙනා මම නෙවෙයි. නමුත් දැන් මගේ විවාහය සාර්ථකයි. ශේෂාද්‍රි ප්‍රියසාද් (PHOTOS)

By Sithumi May 15, 2022 06:06 PM GMT
Sithumi

Sithumi

Report

වර්තමානයේ ලංකාවේ ජනප‍්‍රියතම තරු අතලොස්ස අතරේ රැඳෙන ශේෂාද්‍රි ප‍්‍රියසාද් තිරයේ දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. එපමණක් නෙවෙයි” ඇය මාධ්‍ය වෙත සිය අදහස් පළකරන්නෙත් කලාතුරකින්.

ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ඇය අපිට මේ ව්කිදිහත පැවසුවා. ඇත්තටම මම ගොඩක් වැඩ කළේ නැති වුණාට හැමෝගෙම ආදරය ලැබෙනව. ඒකට හේතුව මම වැඩ කළේ නැති වුණාට මගේ අක්කයි නංගියි නිසා මාව අමතක වෙන්නෙ නැති බවක් තියෙනව. අනිත් එක ගොඩක් වෙලාවට මම රඟපාපු චිත‍්‍රපට රූපවාහිනියේ නිතරම පෙන්වනව. ඒවට මට රසිකයන්ගෙන් ප‍්‍රතිචාර ලැබෙනව.

රංගනයට දායක නොවුණට මම වෙනත් කලා කටයුතුවලට යනව. අපි ශෝෂල් මීඩියාවල අපේ තොතුරු හා ඡුායාරූප දානව. මේ නිසා රසිකයටන්ට මාව අමතක වෙලා නැහැ. එදා ලැබුණ ආදරේ එහෙමම තියෙනව.මම සාමාන්‍ය කෙනෙක්. ගොඩක් අය අපිව විවිධ විදිහට දකිනවනෙ. සමහරු හිතනව මම හරිම නපුරු කෙනෙක් කියල. සමහර අය කියනව ඔයා හරිම අහිංසකයි කියල.

ඇත්තම කියනව නම් මම මගේ පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙක්.කලාවෙන් මට ආරාධනා ලැබෙනව. ඒත් මම කවදත් වැඩ තෝරගෙන කරපු කෙනෙක්. මම කැමති නැහැ ගොඩක් කාර්යබහුල වෙන්න. එකක් ඉවරවුණ ගමන් එකක් කරන්න මම කැමතිත් නැහැ. ඉස්සර වැඩ කරගෙන ගිය විදිහටම තමයි මම දැනුත් වැඩ කරන්නෙ.

හොඳ ආරාධනාවක් ලැබුණොත් තෝරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. මොකද අවුරුදු පහක නැවතීමකින් පස්සෙ අලූතින් යමක් කරනව නම් හොඳ අධ්‍යක්ෂවරයෙක් සමග හොඳ නිර්මාණයකට දායක වෙන්න ඕන කියල හැඟීමක් මට තියෙනව.විවාහයෙන් පස්සේ නිර්මාණ වලට සම්බන්ද වුනේ නැත්තේ නෑ. එත් හොඳ නිර්මාණයක් ලැබුනොත් බාර ගන්නවා.

මට ක්‍රිෂාන්ගෙන් හැමදේටම ලොකු සහයෝගයක් ලැබෙනවා. මම අවුරුදු පහක්ම හැම දේකින්ම අයින් වෙලා හිටිය කෙනෙක්. ඒකට හේතුව වෙන්නෙ මම විවාහ වුණා. ඒ විවාහයේ මට ඉන්න බැරි තැනට ආව නිසයි මම එතනින් අයින් වුණේ. අපි කසාද බඳිද්දි අපි දික්කසාද වෙනව කියල හිතල විවාහ වෙන්නෙ නැහැනෙ. එතන ඇතිවුණ හැම ප‍්‍රශ්නයක්ම නිරාකරණය කරගන්න මම උත්සාහ කළා.

එහෙම කරගන්න බැරිවුණ නිසා තමයි ඒ තීරණය ගන්න සිද්ධ වුණේ. එහෙමයි කියල මේ ලෝකෙ දික්කසාද වුණ එකම ගැහැනු කෙනා මම නෙවෙයිනෙ.දැන් මම විවහා වුනේ ජිවිතේ හොදම කාලේ කියලයි හිතෙන්නේ. වැරදුන සමහර තැන් මොනවහරි හේතුවක් නිසා එහෙම සිද්ද වුනා. මගේ ජීවිතේට හොඳම කෙනා දැන් ලැබිලා ඉන්නවා කියල හිතෙනවා.

විවාහයෙන් පස්සේ නිදහසේ ඇවිදින්න යන්නවත් වුනේ නැහැ, රටේ තියන තත්වයත් එක්ක. මදු සමය ගතකරන්න වත් දුරකට යන්න බැරිවුනා, ඒ කොහොම වුනත් අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කරලා තේරුම් අරගෙන විවහා වුන නිසා ප්‍රශ්ණයක් නැහැ.ලැබුණු නොලැබුණු හැම දෙයක්ම සතුටින් බාරගෙන අනාගතේ වෙනුවෙන් වැඩ කරනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha