මට පෙම්වතුන් දෙන්නෙක් ඉන්නවා කවුරු තෝරගන්නද කියල හිතාගන්න බෑ.ජනප්‍රිය නිලි ෂෙනායා ඇනීසා. (PHOTOS)

Srilankan shenayab Gossio
By Sithumi Mar 15, 2022 04:59 PM GMT
Sithumi

Sithumi

Report

කිරුළි කියන්නේ මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක්. හිත ලඟ හිණැහුනා නාට්‍යයෙන් බොහෝ දෙනාට ලංවූ මේ දඟකාර කටකාර කෙල්ල ගැන මේ දිනවල හැමෝම අසාවෙන් ඉන්නවා තොරතුරු දන ගැනීමට ඉතින් අපි අද හිතුවා ඇයගේ තොරතුරු ටිකක් පුවත් පතකින් උපුටා ඔබට ගෙන ඒමට.

ඉතින් ඇයව අපි හඳුනන්නේ කිරුලි කියලනේ. නමුත් ඇයගේ ඇත්ත නම වන්නේ ෂෙනායා ඇනීසා වැනොෆ්.ඉතින් ශේනයගේ තොරතුරු මේ විදිහට තමා පවසා තිබුනේ. මගේ පාසල බොරැල්ලේ All Saints Church කොලේජ් එක. මන් ඉගෙන ගත්තේ ඕලෙවල් වලට විතරයි.පවුලේ ඉන්නේ අම්මියි. තාත්තියි. අක්කලා තුන්දෙනයි. ලොකු අක්කි බැඳලා ඉන්නේ සිරස සුපර් ස්ටාවලින් ආව අමිල පෙරේරාව.

අනෙක් අක්කලත් බැඳලා. මාව ගොඩක් අය හඳුන ගත්තේ නැන්දම්මා දැක දැක නොදැක්ක යනවා වගේ කියන ස්ප්‍රයිසි කැකර් දැන්වීම නිසා. කමර්ෂල් වගේම ගීතවල වීඩියෝවලටත් මා ඒ කාලයේ පෙනී සිටියා. ඊට පසු කල්ර්කට පස්සේ අශේන් සිරිවර්ධන අයියා මට මුණ ගැසුණා. ඔහු තමයි මට කිව්වේ මාව මහේෂ් අයියාගේ නිර්මාණයකට හොයනවා කියලා.

වසර දෙකක් විතර ඒ කටයුතුවලින් මම ඉවත් වෙලා සිටියා. මහේෂ් අයියා මට ඒ චරිතය ගැන කිව්වා. කටකාර, දඟකාර කිරුළි ගැන. ඒ චරිතය රඟපාන්න මම කැමති වුණා.ඇත්තටම කිරුළි කියන චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කිරුළි කියලා කියන්නේ දඟකාර කටකාර හුරතල් චරිතයක්. ඉතිං ඒ නිසාම වයස් භේදයකින් තොරව ලොකු කුඩා හැමෝම වගේ ඒ චරිතයට ආදරය කරනවා. මඟතොටේදී හමු වුණත් ගොඩක් දෙනෙක් මාව අදුරගෙන කතා කරනවා.

ඒ නිසා ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ චරිතයයි මගේ සැබෑ ජීවිතයේ චරිතයයි ගොඩක් වෙලාවට එක වගේ. සමහර වෙලාවට මම කතා කරන්නෙම නෑ. ඒත් කතා කරන්න ගත්තම නතර කරන්නෙත් නෑ. ඒ කතාවේ හැටියට මට ප්‍රේමවන්තයෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නගෙන් කවුරු තෝරගන්නද කියලා දැන්ම කියන්න බෑ. කතාව ලස්සනට ගලාගෙන යනවා.

ඒ නිසා කතාව දිගටම බලන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. 2017 වසරේදී තමයි මට මුලින්ම වෙළෙඳ දැන්වීමකට අවස්ථාව ලැබුණේ. මගේ නර්තන ගුරුවරයා වන දිලීප ආරියරත්න සර් තමයි මට ඒ සඳහා ලොකු සහයෝගයක් ලබා දුන්නේ. කුඩා කාලයේ ඉඳන්ම හීනයක් තිබුණා නිළියක් වෙන්න. නමුත් මේ තරම් ඉක්මනට නිළියක් වෙන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවේ නෑ

. දැනට මගේ බලාපොරොත්තුව නම් හැකිතාක් කාලයක් රංගනය තුළ රැඳී සිටීමයි. ඉදිරියේදී විදෙස්ගත වේවිද කියලා කියන්න බැහැ එහෙම වුණත් ආයෙ ලංකාවට එනවා. මගේ ආදරය ගැන කතා කළොත් මම කැමති මං ගැන නිතරම හොයලා බලන කෙනෙක්ට. විලාසිතා වලට නීති රීති දාන කෙනෙක්ට මම කැමති නැහැ. මට තාම නම් පෙම්වතෙක් නෑ කියලයි ඇය අවසානයේ පැවසුවේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 

Join now



GalleryGalleryGalleryGalleryGallery
ReeCha