සුබසාධන ගෙවීම් ගැන දැනුම්දීමක්.
Shehan Semasinghe
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Sri Lanka
Economy of Sri Lanka
By krishani
අඩු ආදායම්ලාභී, ජ්‍යෙෂ්ඨ පුරවැසි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ය.
ඒ අනුව ඉදිරියේ දී ගෙවීම්, ප්‍රතිලාභීන්ට බැරකරන බැවින් බැංකු ගිණුමක් විවෘත කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දෙන ලෙසට අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
මේ අතර අද(29) සහ හෙට අස්වැසුම ගිණුම් විවෘත කිරීම වෙනුවෙන් මහජන සහ ලංකා බැංකුවල බොහෝ ශාඛා විවෘත කිරීමට ද මීට පෙර තීරණය කළේ ය.
