තරුණයෙක් හදියේම සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් අත්තඩංගුවට ගනී. වීඩියෝ සහිතයි (VIDEO)
හදිසියේම සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් තමාව අත්තඩංගුවට ගත් බවත් තමා හේතුවක් නොදන්නා බවත් තරුණයෙක් චෝදනා කරයි.
ඔහු නමින් ශෙහාන් මාලක වේ. ඔහු මේ බව එම අවස්ථාවේ ලයිව් වීඩියෝවක් හරහා ස්මාජ මාධ්‍යට නිකුත් කර තිබේ. එම වීඩියෝව පහතින්,
ෂෙහාන් මාලක ගමගේ පසුගිය වසරේ (2021) අගෝස්තු දාහත්වැනි දා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ගිහි පැවිදි කතෝලික නායකයන් හා එක්ව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් අදහස් දැක්වුහ.
එම මාධ්‍ය හමුවේ ඔහු විසින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගෝස්තු 23 වැනි ඔහුව කැඳවා තිබිණ. අනතුරුව එක දිගට දින ගණනාවක් ඔහුව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්නකර තිබිණ.
අද (14) අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ෂෙහාන් මාලක ගමගේ සමාජ මාධ්‍ය වෙත සජීවී ලෙස සම්බන්ධවෙමින් කිසියම් පිරිසක් විසින් තමාව බලහත්කාරයෙන් පැහැරගෙන යාමට උත්සහකරන බව සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |