සුප්‍රකට නළු ශාරුක් ඛාන් ලතා මංගේෂ්කාර්ගේ දේහයට කෙළ ගැසුවාද..ඉන්දියාවම කැලඹු පුවතේ ඇත්ත නැත්ත මෙන්න..(PHOTOS)
ඉකුත් ඉරිදා දිනයේම මුම්බායි නුවර සිවාජි පිටියේදී ලතා මංගේෂ්කාර්ගේ අවසන් කටයුතු සිදු වූ අතර ඒ සඳහා අගමැති මෝදි ඇතුළු රටේ ඉහළම ප්‍රභූන් බොලිවුඞ් තාරකාවන් සහභාගී වී තිබිණි. මේ අවමංගල්‍ය උත්සවයෙන් පසු ප්‍රකට නළු ශාරුක් ඛාන් සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.
මුම්බායි හි ශිවාජි පිටියේ අවමංගල්‍ය උත්සවයට ශාරුක් ඛාන් පැමිණ සිටියේ සිය පෞද්ගලික ලේකම් පූජා දාද්ලානි සමගය. ඉන්දීය ගායන පුරාවෘත්තයට අවසන් ගෞරව දැක්වීමට ඉවසිලිවන්තව බලා සිටි ඔහු මල් කළඹක් තබා ලතා මංගේෂ්කාර් වෙනුවෙන් දුආවක් පිරිනැමීය.
දුආවක් යනු මුස්ලිම් යාඥාවකි. මියගිය තැනැත්තාගේ ආත්මයට ශාන්තිය ලබා දීම වෙනුවෙන් පවත්වන මේ යාඥාවෙන් පසුව තත්පරයකට ඔහු තම මුහුණු ආවරණය ඉවත් කර මුහුණේ ඉරියව්වක් ප්‍රකට කළේය.
එය තොරතුරු නොදත් අමන පුද්ගලයින් කිහිප දෙනෙකු ‘කෙළ ගැසීම’ ලෙස සලකා සමාජ මාධ්‍ය ජාලාවල මහා බොරුවක් පැතිර වීය. විශේෂයෙන් මෙය සිදු කළේ භාරතීය ජනතා පක්ෂ හිතවාදීන් විසිනි. සත්‍යය නම්, ශාරුක් ඛාන් දුආවක් පැවැත්වීමෙන් පසු වාතය පිඹීම සිදු කළේය.
මෙය මුස්ලිම්වරුන් විසින් පොදුවේ සිදුකරන දැහැමි පිළිවෙතක් වේ. මෙය නොදත් සමහරු ප්‍රකට තාරකාවට මඩ ගැසීම සඳහා මේ වාතය පිඹීම කෙළ පහරක් ලෙස අර්ථ දැක්වූහ. යක්ෂයා පලවා හැරීම වෙනුවෙන් මෙලෙස හුස්ම පිඹීම සිදු කෙරේ. ඉන්දීය නිළියක් වන උර්මිලා මටෝන්කාර් ශාරුක් ඛාන්ගේ සහයට පැමිණ මෙසේ ප්‍රකාශ කර තිබේ.
”සමාජයක් ලෙස, අපි යාච්ඤා කිරීම කෙළ ගැසීමක් යැයි සිතන තරමට පිරිහී ඇත. විවිධ ජාත්‍යන්තර වේදිකාවල ඉන්දියාව නියෝජනය කළ රංගන ශිල්පියෙක් විවේචනය කිරීමට තරම් පහත් මට්ටමකට පැමිණ තිබීම ඇත්තෙන්ම කනගාටුදායකයි”.
මේ අතර ආදාහන පූජෝත්සවයේදී ‘කෙළ’ ගැසූ බවට චෝදනා කරමින් බොලිවුඞ් නළු ශාරුක් ඛාන්ට එරෙහිව සිදු කරන චෝදනා පදනම් විරහිත බව ශිව්සේනා මන්ත්‍රී සංජේ රවුත් ද නිවේදනය කර තිබිණි. බොලිවුඩයේ ජනප්‍රිය නළුවාට එරෙහි පළමු ගල් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ භාරතීය ජනතා පක්ෂයේ හර්යානා ප්‍රාන්ත ප්‍රධානියෙක් වන අරුන් යාදෙව් විසිනි.
මෙහු සිය ට්විටර් ගිණුමේ ශාරුක් අවසන් ගෞරව දක්වන වීඩියෝව දක්වමින් සටහන් කර තිබුණේ
”ඔහු කෙළ ගැසුවාද” යනුවෙනි.
එසේම උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ නායකයකු වන ප්‍රෂන්ත් උම්රෝ විසින් ද මේ චෝදනාව සිදු කර තිබිණි. මේ ප්‍රහාරවලට පිළිතුරු දෙමින් ක්‍රිෂ්ණ නම් ශාරුක් ලෝලියෙක් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන්ව තිබිණි.
”ශාරුක් කෙළ ගැසුවේ නැත, ඔහු තම ආගමට අනුව ලතා මැතිනියගේ නපුර වළක්වා ගැනීම වෙනුවෙන් වාතය පිම්බේය. මිනිසුන් මා මෙන් කියවා ඇත්නම්, ඔවුන් එය නිසි පරිදි තේරුම් ගනු ඇත. හින්දු භක්තිකයන්ට මුස්ලිම් ඇදහිලිවන්තයකුගේ අවමංගල්‍යයේදී යාඥා කළ හැකි ද? එවිට පිළිතුර වන්නේ ඔව් යන්නයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |