සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට ආ තර්ජනය.

Cinema Lead India Actors Bollywood SL Actress Gossips
By krishani May 16, 2023 03:34 AM GMT
krishani

krishani

Report

ඉන්දීය නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 25ක් නොගෙවන්නේ නම් ඔහුව මත්ද්‍රව්‍ය නඩුවකට හසු කරන බවට පැවසෙන තර්ජනයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ හිටපු කලාප අධ්‍යක්ෂ සමීර් වන්කඩේ කළ තර්ජනයක් ය.

මේ හේතුවෙන් සමීර් වන්කඩේට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා.

මේ අතර, 2021 වසරේ මුම්බායිහි දී 24 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු 14 දෙනෙකු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැණින.

කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ඔහුගේ නඩුව ඉවත දැමුවේ, ආර්යන් ඛාන් සතුව තිබී මත්ද්‍රව්‍ය කිසිවක් හමුවී නැති බවට තහවුරු වීමෙන් අනතුරුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join