රටේම සිදුවන පෙරළි අස්සේ, ඉතිහාසගත වාර්තාවක් තබමින් කොටස් වෙළදපොළේ සිදුවූ පෙරළිය..

Report

මෙම වසරේ ජනවාරි මාසයේ දී, කොළඹ කොටස් වෙළෙඳපොළ 7.39%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ.

2025 වසර ආරම්භයේ දී ඒකක 15,944.61ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය අද (31) සියලු ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙය මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙසින්ද වාර්තා අතරට එක්විය.

මේ අතර අද දිනයේ දී රු. බිලියන 5.15ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා ව ඇත. එහි දේශීය මිලදී ගැනීම් රු. බිලියන 5.04ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.63ක් ලෙසින් සටහන්ව ඇත.

එමෙන්ම විදේශීය මිලදී ගැනීම රු. මිලියන 118ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 524ක් ලෙස වාර්තා වී තිබේ.

……………………………………………………

You may like this video 👇