මගේ පෙම්වතිය තමයි ශනුද්‍රි.. එයාව බඳින්න වාසනාව තියෙන්න ඕන.. ජනප්‍රිය ගායක දිනේශ් මුල්වරට හෙළිකරයි.. (PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන නව පරපුරේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් ගමගේ කියලා කියන්නේ. ඉතින් ඔහුගේ වෙරළු මල්, තමරසා, දැනෙනා තුරු මා, නෑසුනා වැනි ගීත අපේ රටේ අතිශය ජනප්‍රිය වුනා කිවුවොත් නිවැරදියි.
කොහොම නමුත් ඔහු ජනප්‍රිය සුරූපී නිලි ශනුද්‍රි ප්‍රියසාද්ගේ පෙම්වතා කියලා බොහෝ දෙනෙක් පවසනවා. ඉතින් ඒ ගැන හරියටම දැන ගන්න පහුගිය දවසක පුවත්පතක් ඔහුව කතා බහට එකතු කරගෙන තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් තම රසා ගීතය තමයිලු ඔහුගේ පළමු ගීතය. ඉතින් මේ ගීතය ඒ කාලේ ජනප්‍රිය වුනත් මෑතකදී බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ වෙරළු මල් ගීතය ගැන කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු ශශිකා නිසංසලා හා සමිතා මුදුන්කොටුව එක්ක ගිත දෙකක් කළා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ යුග ගායනයන් දෙකත් ළඟදීම එළිදක්වනවා කියලත් ඔහු පවසනවා.
ඉතින් ඒ වගේම ඔහු ආදරේ විඳින්නේ කාලයක් තිස්සේ ඉඳලාලු. ඉතින් ආදරෙ හරිම සුන්දරයි කියලයි ඔහු පවසන්නේ. ඒ වගේම ආරංචි වෙන හැමදේම ඇත්ත නෙමෙයි කියලත් ඔහු කියනවා. දැන් ගොඩක් කොල්ලෝ විවාහයට කැමති නැහැලු. හැබැයි ඔහුනම් නම් එහෙම නැහැ කියලයි කියන්නේ. ඔහු ආසයිලු විවාහ වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒ වගේම ඔහුගේ හොඳම යාළුවා ශනුද්‍රි ප්‍රියසාද් කියලයි ඔහු කියන්නේ.
ඉතින් ඒ යාළුකමට දැන් අවුරුදු 4ක් වෙනවාලු. ඉතින් ඔහුගේ තම රසා ගීතය විකාශය වුණාට පස්සේ ඇය ඔහුට එස් එම් එස් එකක් එවලා තිබුනාලු. ඒ සිංදුව ලස්සනයි කියලා. ඉතින් එදා ඉදලා අද වෙනකල් ඔවුන්ගේ යාළුකම තියෙනවා කියලයි ඔහු පවසන්නේ. ඒ වගේම ඔහු වැඩිපුර ආශ්‍රය කරන්නේ දමිළ යාළුවෝලු. ඒ නිසා දමිළ පෙනුමක් තියෙන කෙනෙක්ට ඔහුගේ ඇල්ම වැඩියි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ශනුද්‍රිගේ ගතිගුණ හරිම හොඳයි කියලත් ඔහු කියනවා.
ඉතින් එයා වගේ හොඳ කෙනෙක්ව විවාහ කරගන්න තියෙනවා නම් එයා විවාහ වෙන කෙනා හරිම වාසනාවන්තයි කියලයි ඔහු පවසන්නේ. ඉතින් ඒ වගේම ඔහුගේ උපන් දිනය යෙදිලා තිබෙන්නේ මේ ලබන මාසේ 27ටලු. ඉතින් එදාට ඇල්බම් එක රිලිස් කරනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම එදාට වෙරළු මල් ගිතයේ ටැමිල් වර්ශන් එක එළියට දානවා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම සියලුම සෝෂල් මීඩීයාවලින් ඔහුගේ සංගීත ජීවිතේට හයියක් වුණා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |







