රටම ආදරේ කරන සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි කරගත් ජනප්‍රිය ගායිකා ශානිකා මධුමාලි විවාහ ගිවිස ගනියි (PHOTOS)

By Sithumi Dec 02, 2021 05:28 PM GMT
Sithumi

Sithumi

Report

දැනට වසර කිහිපයකට පෙර සිරස නාලිකාව විසින් පවත්වපු සිරස සුපර්ස්ටාර් වැඩසටහනට ආපු හුරුබුහුටි කෙල්ලක් තමන්ගේ ලයාන්විත හඩින් මුළු ලංකාවම වසගයට ගැනීමට සමත් වුණා කිවුවොත් හරියටම හරි. 

ඉතින් එලෙස සිරස සුපර් ස්ටාර් තරු මාවතේ ආපු දක්ෂ සුරූපී ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශානිකා මධුමාලි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම දවසින් දවස තමන් සොයා එන ජනප්‍රියත්වයෙන් බොහෝ කළා කරුවන් ගම අතහැර කොලඹට ආවත් තවමත් ගමට ආදරය කරමින් මෙතෙක් කල් තම මවත් එක්ක උපන් ගමේ ගැමි සුවද විදිමින් ජීවිතය ගෙවපු ඇය ගැන සතුටු දායක ආරංචියක් තමයි අපි අද මේ විදිහට කියන්න යන්නේ.

ඉතින් ඇයගේ ජීවිතයේ තවත් එක් සිහිනයක් ඇයට සැබෑ කරගැනීමට අද වාසනාව හිමිවෙලා තියෙනවා. ඉතින් ඒ තමයි ඇය අද දිනයේදී විවාහ ගිවිසගෙන තියෙනවා. කොහොම නමුත් විවාහ උත්සවයක් පැවැත්වුවේ නැතත් බොහොම අපූරුවට මේ විදිහට අද දිනයේදී විවාහය ලියාපදිංචි කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ අත ගෙන තිබුනේ විදේශ ගතව රැකියාවක් කරන දසුන් සංදීප කියන කඩවසම් තරුණයයි. ඉතින් ඒ වගේම මේ අපූරු ආදරණීය අවස්ථාවට සාක්ෂි කරුවකු ලෙස අත්සන් තබා තිබුනේ සිරස මාධ්‍ය ජාලයේ සිටින ප්‍රියන්ත විජේසිංහ මහතායි.

ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවේ ලබාගත්ත ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම රටක් ආදරය කරන මේ දක්ෂ සුරූපී ගායන ශිල්පිනියට අපිත් අපේ උණුසුම් සුබපැතුම් එකතු කරන ගමන් මේ ආදරණීය යුවලගේ ඉදිරි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

GalleryGalleryGalleryGalleryGalleryGallery