මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා..

By Piyumika Jul 29, 2024 01:56 AM GMT
Report

විවිධ ක්ෂේත්‍රවලින් ජීවිත සාර්ථක කරගත් ලෝක ප්‍රකට පුද්ගලයන්ට උපහාර කිරීම සඳහා නම් දැරූ ප්‍රංශයේ සුප්‍රකට ග්‍රෙවින් ඉටි රූප කෞතුකාගාරය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් වෙනුවෙන් විශේෂිත රන් කාසියක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිසා හබරාදූව බියෙන්..

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිසා හබරාදූව බියෙන්..

මේ වනවිටත් එම කෞතුකාගාරයේ ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි රුවක් ද ස්ථාපිත කර ඇති අතර, එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දීය ජාතිකයා ෂාරුක් බව වැඩිදුරටත් වාර්තා වේ.

මීට පෙර එම කෞතුකාගාරයේ එවැනි විශේෂිත රන් කාසියකින් උපහාර ලබා ඇත්තේ මහත්මා ගාන්ධි පමණක් බවත්, බොලිවුඩ් සිනමා නළුවකු එවැනි උපහාරයක් ලැබූ පළමු අවස්ථාව මෙය බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

මිතුරාගේ කොන්ද පණ නැතිකම නිසා මිතුරෙක්ට ජීවිතයට සමුදෙන්න සිදුවේ..

මිතුරාගේ කොන්ද පණ නැතිකම නිසා මිතුරෙක්ට ජීවිතයට සමුදෙන්න සිදුවේ..

මේ විශිෂ්ට නළුවාගේ ඉටිරූප මීට පෙර අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, චෙක් රාජ්‍යය. තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාවේ ද කෞතුකාගාරවල නිර්මාණය කර ඇතැයි ද වාර්තා වේ.

මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා.. | Shah Rukh Khan S Image On A Gold Coin

මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා.. | Shah Rukh Khan S Image On A Gold Coin