මිතුරාගේ කොන්ද පණ නැතිකම නිසා මිතුරෙක්ට ජීවිතයට සමුදෙන්න සිදුවේ..

By Piyumika Jul 28, 2024 06:26 AM GMT
Report

 මිතුරන් සිව් දෙනෙකු පැවැත් වූ සාදයක් අතරතුර සිදු වූ බහින්බස් වීමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමකින් එක් මිතුරෙක් මීට දින 06කට ඉහතදී රෝහල් ගත කර තිබේ .

ත්‍රීරෝද රථ රියදුරුගේ ඝාතන අභිරහස විසදේ ..

ත්‍රීරෝද රථ රියදුරුගේ ඝාතන අභිරහස විසදේ ..

එම ප්‍රහාරයට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ජිවිතක්ෂයට පත්වී තිබෙන බව වාර්තාවේ . මෙසේ මියගොස් ඇත්තේ ගලවත්ත ගිරිකොල, ලන්දේවත්ත පදිංචිව අවුරුදු 44ක පුද්ගලයෙක්.

ඔහු මිතුරන් 04 දෙනෙකු සමඟ සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේදී සාදය පැවැත්වූ නිවසේ හිමිකරු සමඟ මෙම බහින්බස් වීම සිදුව ඇත .

ඊශ්‍රායල හා හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක පෙරනිමිති..ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාරයක්

ඊශ්‍රායල හා හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක පෙරනිමිති..ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාරයක්

සාදය පැවැත්වූ නිවසේ හිමිකරුගේ බිරිඳ නිවස හැර ගොස් ඇති අතර "උඹේ කොන්ද පණ නැතිකම නිසා තමයි බිරිඳ ද‍ාලා ගියේ" යන්න ප්‍රකාශ කිරීම නිසා මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිදුවීම සිදු වූ දිනයේම එම ස්ථානයේ සිටි සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .