පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනය කළ රාජ්‍ය සේවකයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් පහරදීමක්.
Sri Lanka Police
Sri Lanka
Sexual harassment
Sri Lanka Police Investigation
By krishani
වවුනියාව පොලිස් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකු විසින් පහලොස් හැවිරිදි පිරිමි දරුවකුව ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් වාර්තා විය.
එම චෝදනාව මත ඔහුව ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ ජීවත් වන මෙම පිරිමි දරුවාව ලිංගික අපයෝජනයට ලක් කිරීමෙන් පසුව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඔහුට පහර දී තිබෙනවා.
අදාළ සැකකරු වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සංවර්ධන නිලධාරියෙක් වේ.
කෙසේ වෙතත්, පොලීසියට කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලීසිය පියවර ගනු ලැබීය.
