මල් කැකුළකට තම සීයා විසින් කළ අහස පොළොව නුහුලන අපරාදය..

Sri Lanka Police Sri Lanka Sexual harassment Child Abuse
By krishani May 27, 2023 07:15 AM GMT
krishani

krishani

Report

සීයා විසින් දෙහැවිරිදි දැරියක් අපයෝජනය කර ඇති පුවතක් වාර්තා වේ.

මෙම දැරිය දින කිහිපයකට පෙර මුත්‍රා ආසාදනයකට ලක් වී කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ඇත්තේ දැරියට සමාජ රෝගයක් වැළ ඳී ඇති බව ය.

ඒ අනුව වෛද්‍යවරුන් පොලිසිය දැනුවත්කර තිබෙනවා.

අනතුරුව කළ විමර්ශනවල දී සැකකරු පිළිබඳව අනාවරණය වී ඇති අතර මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර, එකම පවුලේ ගැහැණු දරුවන් තිදෙනෙකු අපයෝජනය කළ එම දරුවන්ගේ මවගේ බාල සොයුරා (මාමා)කල්පිටිය පොලීසිය විසින් පෙරේදා (25) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ළමා රක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මතයි.

අපයෝජනයට ලක් වූ දැරියන් වයස අවුරුදු 10 සහ 11 යන වයස්වල පසු වේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කෙරිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join