පාසල් සිසුවියකට අතවර කළ යුද හමුදා කෝප්‍රල්වරයකුට ලැබුණ දඬුවම.
වයස අවුරුදු හයක පාසල් සිසුවියකට බලහත්කාරයෙන් අතවර සිදුකළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරයකුට දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ වසර පහළොවක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ය.
එම නියෝගය ලබා දී ඇත්තේ වවුනියාට මහාධිකරණ විනිසුරු එම්. ඉලන්වෙලියන් මහතා විසින් ය.
අගතියට පත් පාසල් ශිෂ්‍යාවට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර තුනකින් දීර්ඝ වල්න බව පවසා තිබෙනවා.
අදාළ දැරිය පාසල නිම වී නිවසට පැමිණෙමින් සිටිය දී පසුගිය 14 වෙනි දින ඇයව පාසල් නිල ඇඳුම පිටින්ම කැළයට ඇදගෙන ගොස් මෙම හමුදා කෝප්‍රල්වරයා විසින් ඇයට බලහත්කාරයෙන් අතවර කළ බවට එල්ල වී ඇත.
වෛද්‍ය වාර්තා හා අනෙක් විද්‍යාත්මක සාධක මගින් තහවුරු වී ඇති අතර දෙමව්පියන් විසින් නෙඩුන්කේණි පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |