ගරු නම්බු දීලා යැව්වට මහින්ද ටොප් බඩුව කියලා ලැප්ටොප් බෑග් එකට විදලා, ඒනිසා අමාත්‍යංශෙන් පඩි කපලා

Report

ජනාධිපතිවරයාගේ ඉහළ පැසසුමක් මැද ඉකුත් දා විශ්‍රාම ගිය “මහින්ද” නම් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අමාත්‍යාංශයෙන් ලබාගත් ලැප්ටොප් පරිගණකයට අදාළ බෑගය භාර නොදීමඛේතුවෙන් ඔහුගේ අවසන් වැටුපෙන් රුපියල් දස දහසක මුදලක් කපා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වී ඇත.

ඒ අනුව සඳහන් වූයේ අඳාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට අදාළ අමාත්‍යාංශයෙන් උසස් වර්ගයේ ලැප් ටොප් පරිගණකයක් ලබාදී තිබී ඇති බවයි.

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

ඔහු විශ්‍රාම ගිය පසුව අදාළ ලැප්ටොප් පරිගණකය අමාත්‍යාංශයට එවා තිබුණද එය බහා තිබූ බෑගය ඒ සමඟ එවා නොතිබුණු බව පවසයි.

එනිසා එම ලැප්ටොප් බෑගය භාරදෙන මෙන් අමාත්‍යාංශයෙන් මහින්ද ට දැනුම් දී ඇත. එහෙත් ඔහු අමාත්‍යාංශය වෙත එවා ඇත්තේ අදාළ පරිගණකයට අයත් නොවන බෑගයක් බව සඳහන්.

ඒ සමඟ එම බෑගය භාර ගැනීමට නොහැකි බවත්, නියමිත බෑගය එවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශය අදාළ නිලධාරියාට නැවත වරක් දැනුම්දී ඇති බවත් සඳහන්.

තවද මේ අතරතුර අදාළ නිලධාරියා විදෙස් ගතවීමට නියමිතව සිටි දිනයේදීද අමාත්‍යාංශයෙන් ඔහු වෙත ඇමතුමක් ලබාදී දැනුම්දී ඇත්තේ ලැප්ටොප් පරිගණකයට අදාළ බෑගය භාර දෙන ලෙසයි.

හැමෝටම හික් ගෑවෙන රතු ඉරි

හැමෝටම හික් ගෑවෙන රතු ඉරි

කෙසේ වෙතත් එම බෑගය ලබා දීමට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කටයුතු නොකිරීම හේතුවෙන් ඔහු විශ්‍රාම යාමට පෙර සේවය කළ මාසයේ වැටුපෙන් රුපියල් දස දහසක මුදලක් අඩු කිරීමට කටයුතු කර ඇති බව හෙළි වේ.

මේ අතර පඩි කැපීම පිළිබඳව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි දුරකථන ඇමතුමක් දී භාණ්ඩ බාරගනු ලබන නිලධාරියාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.

එහිදී ඔහු විසින් “සර් දැන් ඉන්නේ රටනේ මම ඉන්නේ ලංකාවේ…මට නම් හිරේ යන්න බැහැ… වෙනද නම් පිටකොටුවෙන් හරි බෑග් එකක් ගෙනත් දාලා මේක විසඳනවා දැන් එහෙම කරන්න බැහැ…සොරි සර්…” යනුවෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

සබ්ජෙක්ට් ගැන ටෝක් කරන්න ගිහින් එරංගට තව පොඩ්ඩෙන් වෙන්නේ රන්වලගේ අනික, ඒලෙවලුත් ෆේල්ලු

සබ්ජෙක්ට් ගැන ටෝක් කරන්න ගිහින් එරංගට තව පොඩ්ඩෙන් වෙන්නේ රන්වලගේ අනික, ඒලෙවලුත් ෆේල්ලු