මෛත්‍රී, ගෝඨා, රනිල් අත්අඩංගුවට - පාස්කු අභියෝගය දැන් නීතියේ අතේ

Report

2019 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තරාතිරම නොබලා නීතිය ඒකාකාරව ක්‍රියාත්මක කළ යුතු බව කතෝලික සභාව අවධාරණය කරයි.

කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසන්නේ, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාව සේවයෙන් පහ කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් ලබා ගත නොහැකි බවයි.

හිත හයියෙන් ඉන්න රසිකයෝ, ඔබ වෙනුවෙන් හදවතින්! - කුමාර වෙල්ගමගේ පුතා තැබූ සටහන

හිත හයියෙන් ඉන්න රසිකයෝ, ඔබ වෙනුවෙන් හදවතින්! - කුමාර වෙල්ගමගේ පුතා තැබූ සටහන

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිබඳව ඉහළම පෙළේ බලධාරීන්ට එරෙහිව ද නිසි නීතිමය පියවර ගත යුතු බවයි. එසේම, ජූඩ් ගාමිණී පියතුමා අවධාරණය කරන්නේ, කාදිනල්තුමා විසින් රවී සෙනෙවිරත්න හෝ ශානි අබේසේකර යන මහත්වරුන්ට තනතුරු ලබාදෙන ලෙස ඉල්ලා නොසිටි බවයි.

ඒ වෙනුවට, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ඉවත් කරන ලද නිලධාරීන් නැවත ඔවුන්ගේ තනතුරුවලට පත්කරන ලෙස පමණක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය.

ඉන්ධන මිලදී ගැනීම වෙනස් වේ?ඇමරිකාවෙන් ලංකාවට තෙල්

ඉන්ධන මිලදී ගැනීම වෙනස් වේ?ඇමරිකාවෙන් ලංකාවට තෙල්

මෙම ප්‍රකාශය ජූඩ් ක්‍රිශාන්ත පියතුමා විසින් සිදු කරන ලද්දේ, ඊයේ (20) කතෝලික සභාව විසින් කැඳවන ලද විශේෂ මාධ්‍ය හමුවකදී අමතමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම සම්බන්ධයෙන් සත්‍යය හෙළිකර ගැනීමටත්, ඒ සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව යුක්තිය ඉටුකිරීමටත් රජයේ කැපවීම අවශ්‍ය බවයි.

ගුරු වෘත්තියට යන අයට සුබ පණිවිඩයක්

ගුරු වෘත්තියට යන අයට සුබ පණිවිඩයක්