මීදුමෙන් කඳුකරය බොඳ වෙයි - අනතුරු අවදානමට ගමන්කරුවන් සූදානම් වන්න
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හැටන් ඇතුළු ආසන්න ප්‍රදේශවල විටින් විට දැඩි මීදුම් තත්ත්වයන් හට ගැනීම නිසා රථවාහන අනතුරු ඇතිවීමේ අවදානමක් මතුව ඇත.
මේ පිළිබඳව විමසීමක් සිදුකළ අවස්ථාවේදී අදහස් දැක්වූ හැටන් මූලස්ථාන පොලිසියේ නිලධාරියකු පැවසුවේ, විටින් විට හටගන්නා දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් සමහර අවස්ථාවලදී මාර්ගය නොපෙනී යන තත්ත්වයක් ඇති වන බවත්, මෙම තත්ත්වයන් නිසා රථවාහන අනතුරු ඇතිවීමේ සැලකිය යුතු අවදානමක් පවතින බවත්ය.
හැටන්, වටවල, කැරලයිනා, දියගල, කඩවල, කොටගල, පතන, දිඹුල, රදැල්ල, නානුඔය, නුවරඑළිය සහ බගවන්තලාව යන ප්‍රදේශවල මෙම දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් මාර්ග දෘශ්‍යතාව අඩුවන බවත්, ඒ හේතුවෙන් රියදුරන්ට තම රථවාහන ධාවනයේදී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් එම නිලධාරියා අවධාරණය කළේය.
මෙම තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානය යොමු කරමින්, සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ රථවාහන ධාවනයේදී අතිශයින් සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙසයි.
