ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරය රත් වෙයි - 104ක් මරුට

Israel Palestine Israel-Hamas War Gaza Latest Headlines
By Shehan Jul 20, 2025 05:51 AM GMT
Shehan

Shehan

Report

ඊයේ (19) එක් දිනක් තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 104 දෙනෙකු මිය ගියහ. ඉන් 37 දෙනෙකු රෆා හි ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක ආහාර බලාපොරොත්තුවෙන් සිටියදී ජීවිතක්ෂයට පත්වූහ.

මෙම ප්‍රහාරයත් සමඟ ගාසා යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 58,765 දක්වා ඉහළ ගොස් ඇති අතර, 140,485 දෙනෙකු තුවාල ලබා ඇත.

සියලුම ප්‍රවේශ මාර්ග වසා දමා ඇති බැවින්, ආහාර බෙදාහැරීම ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ සහාය ලබන ගාසා මානුෂීය අරමුදල හරහා සිදු කෙරේ. එහෙත්, ආහාර බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට වෙඩි තැබීම්, කාලතුවක්කු ප්‍රහාර, සහ ඩ්‍රෝන ප්‍රහාර මගින් ඊශ්‍රායලය විසින් ඝාතන සිදුකරන බව වාර්තා වේ.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

ලෝක ආහාර වැඩසටහනට අනුව, දහස් ගණනක් පලස්තීනුවන් කුසගින්නෙන් පෙළෙන අතර, ඔවුන්ගෙන් තුනෙන් එකක් දින කිහිපයකට වරක් පමණක් ආහාර අනුභව කරයි. පිරිසිදු ජලය නොමැතිකම නිසා බෝවන රෝග වේගයෙන් පැතිර යමින් පවතී.

මේ අතර, ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ, ගාසා තීරයේ සිසුන් සිය ගණනක් ඊයේ (19) ඔවුන්ගේ උසස් පාසල් විභාගයට පෙනී සිටියහ. 2023 ඔක්තෝබර් මාසයෙන් පසු ගාසා තීරයේ විභාග පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි. ආසන්න වශයෙන් සිසුන් 1,500ක් විභාගයට පෙනී සිටි බව විශ්වාස කෙරේ.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ගාසා අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන පරිදි, විශේෂ මෘදුකාංග භාවිතයෙන් විභාගය පැවැත්විණි. අන්තර්ජාල සහ විදුලි සම්බන්ධතා විසන්ධි වී තිබූ නිසා, විභාගය ප්‍රවේශ විය හැකි ස්ථානවල පමණක් පැවැත්විණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිසුන්ගේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර ලෙස මෙම විභාගය හැඳින්වේ.

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

ReeCha