මෙරට මත්පැන් සමාගම් වසා දමයි.හේතුව මෙන්න.

Sri Lanka Excise Department of Sri Lanka
By Wayomi Mar 11, 2023 05:52 AM GMT
Wayomi

Wayomi

Report

මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, මත්පැන් අලෙවිය 30%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සමහර මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇති බවයි.

ඒ අනුව දේශීය මත්පැන් අලෙවිය පහත වැටී ඇති බැවින් මෙරට නිෂ්පාදිත මත්පැන් අපනයනය කිරීම වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසන්නේ.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, දැනටමත් වාර්ෂිකව ලබන අපනයන ආදායම බිලියන 22ක ප්‍රමාණය බිලියන 30-35 දක්වා වැඩි කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.

එමෙන්ම පසුගිය කාලයේ එතනෝල් මිල සීග්‍රයෙන් ඉහළ ගියද මේ වන විට එතනෝල් මිල පහත බැස ඇති බවත් ලංකාවේ එතනෝල් අතිරික්තයක් පවතින බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.

මේ අතර මේ වන විට ලංකාවේ සියලුම භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති පසුබිමක රාජ්‍ය සේවකයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව අත රැඳෙන මුදල සීමාවීම නිසා මත්පැන් මිලදී ගැනීමට පෙලඹීම අඩුව ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්