වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් ගමන් නතර කිරීමට තීරණයක්..

By Piyumika Nov 12, 2024 03:45 AM GMT
Report

ගුවන් සමාගම් කිහිපයක් විසින් හයිටි රාජ්‍ය වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අමෙරිකාවේ සිට හයිටි රාජ්‍ය බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමත් සමගයි.

විදෙස් ගත වෙන්න හිතන් ඉන්න ඔයා වඩාත් සැලකිලිමත් වෙන්න..ඔය නොහිතන අනතුරක් ඔයා ලගම..

විදෙස් ගත වෙන්න හිතන් ඉන්න ඔයා වඩාත් සැලකිලිමත් වෙන්න..ඔය නොහිතන අනතුරක් ඔයා ලගම..

ස්පිරිටි එයාර් ලයින්ස් 951 නැමති මෙම ගුවන් යානය හයිටි රාජ්‍යයේ අගනුවරට ඉහළ අහසේ ගමන් කරමින් තිබියදීයි මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

සිද්ධියෙන් ගුවන් යානයේ කාර්ය මණ්ඩල සේවකයෙකු තුවාල ලබා ඇති අතර, මගීන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැත.

ගතවූ සති 03ක කාලය තුළ හයිටියේදී ගුවන් යානා ඉලක්ක කර එල්ල වූ දෙවන ප්‍රහාරය මෙය වනවා.