සීදූවෙන් ඇඟ කිලිපොලා යන සිදුවීමක් - ගමන් බෑගයක තිබී 79 හැවිරිදි මවකගේ මළසිරුරක් හමුවේ

Report

සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් ගමන් බෑගයක් තුළ සඟවා තිබියදී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (20) සවස එම නිවසින් දැඩි දුර්ගන්ධයක් හමන බවට ලද තොරතුරක් මත සීදූව පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී මෙම සිරුර හමුවී තිබේ.

පොලිසිය සඳහන් කළේ, නිදන කාමරයේ තිබූ ගමන් බෑගයක් තුළ මළ සිරුර සඟවා තිබූ බවයි.

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න

මියගොස් ඇත්තේ වයස අවුරුදු 79ක් වන මූකලන්ගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය එම නිවසේ තනිව ජීවත්ව සිට ඇති බවද අනාවරණය වී තිබේ.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, නිවසේ සවි කර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කර ඇති අතර දුරකථන රැහැන් ද කපා දමා තිබූ බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) සිදු කිරීමට නියමිතය. 

මැදපෙරදිග යුද්ධයෙන් මුළු ලෝකයටම මරු පහරක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෝලීය ආර්ථික පුරෝකථන බිමටම ඇද දමයි

මැදපෙරදිග යුද්ධයෙන් මුළු ලෝකයටම මරු පහරක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෝලීය ආර්ථික පුරෝකථන බිමටම ඇද දමයි

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?