නෞකාවල තෙල් කාන්දුවීම් බලන්න ප්‍රංශ සහය.

Sri Lanka France Ship
By Hashini Sep 12, 2023 08:27 AM GMT
Hashini

Hashini

Report

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙරට මුහුදු සීමාවට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීම් සිදුවන්නේ දැයි නිරීක්ෂණය කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අද (12) අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ප්‍රංශ රජය එම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සමයේ මෙරට මුහුදු තීරයට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීමේ සිදුවීම් වාර්තා වූ අතර ඉන් මෙරට සමුද්‍ර ජීවින්ට සහ සමුද්‍ර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වුණි.

ඒ හේතුවෙන් මෙම තත්ත්වයන් නිරික්ෂණය කිරීමට අදාළව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුකෙරුණා. 

ReeCha