හෙට ආරක්ෂාව දැඩි කරයි.. - පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)
හෙට (31) දිනයේ පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන සියලු කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් හෙට පස්වරුව දක්වාම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙයි.
කෙසේ වෙතත්, ඊයේ දිනට යෙදී තිබූ මහා සිකුරාදා දින දේව මෙහෙයන් ආරම්භයේ සිටම එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ අතර එය හෙට දිනයේ දී තවත් තීව්‍ර කර ඇත.
එම නිවේදනය පහතින්,