පාස්කු දා වෙනුවෙන් ආරක්ෂාව තර කෙරේ
Sri Lanka Police
Government Of Sri Lanka
Easter Attack Sri Lanka
Law and Order
By Shehan
ලබන 20 වැනිදා පැවැත්වෙන පාස්කු මංගල්‍යය වෙනුවෙන් සියලුම කිතුනු දෙව්මැඳුරුවලට පොලිස් ආරක්ෂාව ලබාදෙන බවත්, දුක් ප්‍රාප්තිය සිහිකරන මෙම චතාරික කාලය තුළ ද එම ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.
මීට අමතරව, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට සහ කොළඹ අගරදගුරු මැඳුරට ද ආරක්ෂාව සපයනු ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර හයක් සපිරෙන මෙම අවස්ථාවේදී, එම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් සිහිකිරීම වෙනුවෙන් දෙව්මැඳුරුවල විශේෂ යැදුම් පැවැත්වේ.
