කේරල ගංජා සමගින් ආරක්ෂක නිලධාරියා කොටු

Police
By Thaya Apr 08, 2021 06:04 PM GMT
Thaya

Thaya

Report

රෝහලක ආරක්ෂක සේවයේ නිරත 25 හැවිරිදි පුද්ගලයකු සිය ආරක්ෂක තනතුරේ මුවාවෙන් මහා පරිමාණයෙන් ඉතා රහිසගතව ගාල්ල නගරයේ පවත්වාගෙන ගිය ගංජා ජාවාරමක් කොටු කර රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වටිනා කේරල ගංජා තොගයක් සමගින් සැකකරු දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශයේ නිලධාරීන් ඊයේ(07) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ගංජා තොගයේ කේරල ගංජා ග්‍රෑම් 500 ක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි. අදාල රෝහල් ආරක්ෂක නිලධාරියාගෙන් උපාය ධුතයකු යොදවා කේරල ගංජා මිලදී ගන්නා අවස්ථාවේ කොටුකර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත,ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවීම මත ,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂක චන්න කුමාර,සැරයන් 770 විරාජ් හේමපාල, කෝප්‍රල් 971 මෙවන් ගමගේ ,නියාමකවරුන්වන 1072 රකිත මිහිරංග ,1073 රෝහාන් බුද්ධික,රියදුරු හර්ෂ විදුරංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.