මැතිසභා මහලේකම්වරියගෙන් අල්ලස් කොමිසමට ලිපියක් - හේතුව මෙන්න

Report

පාර්ලිමේන්තුවේ පරිපාලන අංශයේ නිලධාරිනියකගේ ස්ථාන මාරුවීම අවලංගු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ලිඛිතව කරුණු පැහැදිලි කර තිබේ.

අදාළ මාරුවීම සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදය යටතේ සිදු වූවක් බවත්, එය එකවර සිදු කළ ස්ථාන මාරුවීම් නවයෙන් එකක් පමණක් බවත් ඇය පෙන්වා දී ඇත.

සුබ ආරංචියක් - මේ අයට ලබාදෙන ණය මුදල ඉහළට

සුබ ආරංචියක් - මේ අයට ලබාදෙන ණය මුදල ඉහළට

කෙසේ වෙතත්, කොමිසමේ නියෝගයට ගරු කරමින් එම මාරුවීම වහාම අවලංගු කළ බව මහලේකම්වරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අල්ලස් කොමිසම මෙම නියෝගය නිකුත් කර තිබුණේ අදාළ නිලධාරිනිය දැනට ක්‍රියාත්මක විමර්ශනයක සාක්ෂිකාරියක බැවින්, ඇය මාරු කිරීම විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බව පවසමිනි.

මහ බැංකුවෙන් නරක ආරංචියක් - ආර්ථික තත්ත්වය ගැන වාර්තාවක්

මහ බැංකුවෙන් නරක ආරංචියක් - ආර්ථික තත්ත්වය ගැන වාර්තාවක්